හුලංගමුව මුදල් අමාත්‍යාංශ ලේකම්කම ගන්න බෑ කියලා ?

Date:

මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා පත්කිරීමට යෝජනා වී සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ දුමින්ද හුලංගමුව මහතා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි දැනගන්නට ලැබෙන බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලබන ජුනි මාසය වනවිට විශ්‍රාම යාමට නියමිතව සිටින අතර ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරකට පත්වීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන ඉදිරියට ගෙනයාමට හැකියාව සහිත පුද්ගලයකු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කර ගත යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...