ජනපතිගේ නියෝගයෙන් පාස්කු කොමිසමේ වාර්තාව CIDයට භාරදෙයි

Date:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයක් අනුව ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී හෙටට (21) වසර හයක් සපිරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් ද මේ වනවිට මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කරන බවටත් එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකරන බවටත් ඒ මහතා මැතිවරණ සමයේදී පොරොන්දු වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...