*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/20

  1. පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: එළඹෙන සතිය වන විට ගුරුවරුන් උසස් පෙළ විභාග පිළිතුරු ප්‍රශ්න පරීක්ෂාවට නොපැමිණෙන්නේ නම්, හදිසි රෙගුලාසි යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කිරීමට සහ ඒ අනුව තම වගකීම් පැහැර හරින ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළෙන බවට අනතුරු අඟවයි.
  2. වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කලමනාකරණය කරන චීනයේ ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන ජාතික වන විද්‍යා හා තෘණබිම් පරිපාලනය “ශ්‍රී ලංකාවෙන් රිලවුන් ආනයනය කරන ලෙස කරන ලද කිසිඳු ඉල්ලීමක් පිළිබඳව තමා දැනුවත් නැති” බවත් එවැන්නක් සඳහා කිසිඳු පාර්ශවයක් වෙත අයදුම් කර නැති බවත් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
  3. බලය යෙදවීමේ නියෝගය සම්පූර්ණයෙන්ම ව්‍යාතිරේඛ පදනමක් මත ලබා දිය යුතු බවත්, එසේ බලය යෙදවිය හැකි වන්නේ බලය යෙදවීමේ අභිප්‍රාය ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කිරීමෙන් සහ ඒකරාශීවීමකට සහභාගීවූවන්ට එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, 2022 වසරේදී රඹුක්කන සිදුවූ වෙඩි තැබීමට අදාළ අවසන් වාර්තාව ඔස්සේ නිර්දේශ කරයි – බලය යෙදවීමට ප්‍රථම අවම වශයෙන් අනතුරු ඇඟවීම් තුන්වරක් වත් සිදුකළ යුතු අතර, එවන් බලය යෙදවීමකදී අදාළ නිලධාරීන් විසින් සීමාකිරීම, සමානුපාතිකත්වය, හානිය අවම කිරීම සහ ජීවිතය ආරක්ෂා කිරීම යන මූලධර්මවලට අනුකූලව අවම ප්‍රමාණයකට බලය යෙදවිය යුතු බව ද අවධාරණය කරයි – විරෝධතා භූමියෙන් ඉවත්ව යන විරෝධතාකරුවන් ලුහුබැඳ ගොස් නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බව ද නිගමනය කරයි.
  4. දුප්පත් ජනතාවට සහල් කිලෝ 10 ක් ලබා දීමේ වැඩසටහන අතරවාරයේ අලුත් අවුරුදු සැමරුම් සඳහා සමෘද්ධි අරමුදල්වලින් රු. මිලියන 860 ක් යෙදවීමට රජය කටයුතු කර ඇති බවට සමෘද්ධි වෘත්තීය සමිති චෝදනා කරයි – මෙම දේශපාලන ප්‍රචාරණ වැඩසටහනට සහ දුප්පතුන්ගේ මුදල් නාස්ති කිරීමට තමන් විරුද්ධ බව සමස්‌ත ලංකා සමෘද්ධි කලමනාකරුවන්ගේ සංගමයේ සම ලේකම්වරයා පවසයි.
  5. MV X-Press Pearl ව්‍යසනයට අදාළව ශ්‍රී ලංකාවට වන්දි මුදල් නොලැබීම පිටුපස සිටින අවතාරය වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පවසයි – මෙම ව්‍යසනයට අදාළව වන්දි ලෙස ලන්ඩනයේ බැංකු ගිණුමකට ඇ.ඩො. මිලියන 250 ක මුදලක් බැරවි ඇති අතර එය බැරවී තිබෙන බැංකු ගිණුමේ හිමිකාරීත්වය තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකුට බවත්, ඔහු තවමත් රජයේ සිටින බවත් පවසයි – මෙම ව්‍යසනයට වන්දි ලෙස ඇ.ඩො. බිලියන 50 ක මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද පවසයි.
  6. පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි: සුදු බිත්තරයක උ.සි.මි. රු. 45, කි.ග්‍රෑ 01 ක මිල රු. 880; රතු බිත්තරයක උ.සි.මි. රු. 46, කි.ග්‍රෑ 01 ක මිල රු. 920.
  7. නිර්වින්දක වෛද්‍යවරුන් විදෙස්ගත වී සිටීම මත සති දෙකක කාලයක් පුරා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි සැත්කම් හා හදිසි ප්‍රතිකාර ඒකක වසා දමා ඇති බව වාර්තා වේ – රත්නපුර, මාතර, මොණරාගල, හම්බන්තොට වැනි කොළඹ කලාපයෙන් ඔබ්බට වන්නට පවතින බොහෝ දිස්ත්‍රික්කවල පුද්ගලයන් ප්‍රතිකාර සහ සැත්කම් සඳහා පැමිණෙන්නේ මෙම රෝහලට ය.
  8. ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, වෘත්තීය පුහුණු අධිකාරිය, සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආදී ආයතන කිහිපයකටම එළඹෙන සතිවල රජයේ ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙයි.
  9. පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රතික්ෂේප කරයි – ඊට එරෙහිව නෛතික විරෝධතාවක් ගොනු කිරීමට හිටපු නීතිපතිවරයා කටයුතු කළ බවත්, මෙම විමර්ශන පිළිබඳ ඔහුගේ දායකත්වයට අදාළව පිටු 130 ක ලිපියක් පොලිස්පතිවරයාට යොමුකර ඇති බවත් ඔහුගේ නීතීඥයෝ මාධ්‍යයට පවසති.
  10. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 04ක් සපිරීම නිමිතිකොට ගෙන සහ එම ප්‍රහාරයට යුත්තිය ඉල්ලා මෙරට කතෝලික සභාව පාගමනක් සංවිධානය කරයි – එම පාගමන අද දින උදෑසන 09 ට කටුවාපිටිය දෙව්මැඳුරෙන ආරම්භවන අතර, හෙට දින උදෑසන වන විට කොච්චිකඩේ දේවස්ථානයේ ස්මාරකය දක්වා ගමන් කිරීමට නියමිත බව රදගුරු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ති පියතුමන් පවසති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan