ආසියානු ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම තාප තරංගය රටවල් ගිල ගනිමින් ඇත.

Date:

දේශගුණ විද්‍යාඥයන් හා කාලගුණ ඉතිහාසඥයන් ප්‍රකාශ කරන පරිදි ආසියානු ඉතිහාසයේ නරකම අප්‍රේල් තාප තරංගයන් ඉන්දියාව, චීනය, තායිලන්තය, බංග්ලාදේශය හා ගිණිකොනදිග ආසියානු රටවල් හා මධ්‍ය ආසියානු රටවල් ගිල ගනිමින් පවතින බව වාර්තා කෙරේ.

ඉන්දියාවේ හා චීනයේ මේ වන විට වාර්තාගත උෂ්ණත්වයක් ඇති අතර බොහෝ නගර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත.

ඉන්දියාවේ ග්‍රාමීය කම්කරුවන් සහ කම්කරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින බීහාර්, ජාර්කන්ඩ්, ඔඩිෂා, ආන්ද්‍ර ප්‍රදේශ් සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල දැඩි තාප තරංගයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සතියේ තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ නගර 6 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ට ඉක්මවූ අතර අගනුවර වන දිල්ලි හි අඟහරුවාදා සෙල්සියස් අංශක 40.4 ක් වාර්තා විය.

එමෙන්ම ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි, මේ සතියේ ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දැමූ අතර, එම පියවර ගන්නා ලෙස පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ද ඉල්ලා ඇත. මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

මී අමතරව චීනයේ ද Chengdu, Zhejiang, Nanjing, Hangzhou සහ Yangtze ගංගා ඩෙල්ටා කලාපයේ අනෙකුත් ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථානවල වාර්තාගන උෂ්ණත්වයක් නිරීක්ෂණය කර බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිලන්තයේ, 2016 න් අනතුරුව වාර්තාවූ ඉහළම උෂ්ණත්වය මෙවර රටේ වයඹ දෙසින් පිහිටි Tak හි රජයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සෙනසුරාදා 45.4C වාර්තා කර තිබූ අතර දේශගුණික අර්බුදයේ ඉදිරියෙන්ම සිටින රටක් වන බංග්ලාදේශයේ වසර 58 කට පසු උණුසුම්ම දිනය පසුගිය සෙ‌නසුරාදා සෙල්සියස් අංශක 40ක් ලෙස ඩකාහිදී වාර්තා විය. මේ සම්බන්ධයෙන් පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසා තිබුණේ තාපය පහව නොයන්නේ නම්, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්ව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන බවයි.

අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය පිළිබඳව තායිලන්තයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ද ලබා දී ඇති අතර ඉදිකිරීම් කම්කරුවන් සහ ගොවීන් වැනි අය වෙනුවෙන් ආඝාත අවදානම ගැන සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

මීට අමතරව ජපානයේද උෂ්ණත්වය 30C ට වඩා ඉහළ ගොස් ඇති අතර, Kumamoto ප්‍රාන්තයේ Minamata 30.2C ලෙස වාර්තා වය.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...