ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

Date:

කොළඹ (LNW): මහාසංඝරත්නය, බහු ආගමික නායකයන්, බහු ජාති සංවිධාන සහ සිවිල් ප්‍රජාව ඇතුළු බහුතරයක් ජනතාව රජය ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට විරුද්ධ බවත් මල්වතු හිමි පවා ප්‍රකාශ කර ඇත්තේ මෙම පනත ඉතා භයංකාර පනතක් බවත් එම ප්‍රකාශයට තමා ද එකඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්ත විරෝධි පනත හරහා ගෙන එන රාජ්‍ය මිලේච්ඡත්වය, ත්‍රස්තවාදය හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය විනාශ කිරිම මේ ආණ්ඩුවේ ඒකායන අරමුණ බවත් මේ අරමුණ පරාජය කරන්න සියලුම ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරමින් සිටින බවත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙන සමග එක්ව මෙය පරාජය කර පසුව මහජනතාව සහ සිවිල් සංවිධාන සමඟ එකට එකතු වී රජය ක්‍රියාත්මක කරන්න යන මේ ඒකාධිපති මිලේච්ඡ පනත සහමුලින්ම විනාශ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ රජය සෑම විටම ජනතා අයිතීන් කෙලෙසන්න උත්සාහ කරන බවත් විවිධ රාජ්‍ය බලවේග උපයෝගී කර ගෙන ජනතා අයිතිය සුරා කන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ මැතිවරණ අයිතිය පමණක් නොව මානව අයිතීන්ද මේ රජය උල්ලංඝනය කරන බව යි.

මෙවැනි තත්ත්වයක් පැවැතියහොත් ඉදිරියේ දී රට ඒකාධිපතීත්වයකට යාමක් බවත් ජනාධිපති උත්සාහ කරන්නනේ ජන වරමින් ලබා ගත නොහැකි බලය රාජ්‍ය මිලේච්ඡත්වය හරහා ලබා ගැනීමට බවත් මේ ජනතා මර්ධන උත්සාහ පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...