දරුවන්ගේ අනාගතය පලිහක් කරගන්න එපා – සංජීව කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තමන්ගේ වෘත්තිය අයිතිවාසිකමක් වෙනු‍වෙන් සටන් කරන කණ්ඩායමක් අතින් උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය , ඒ දරුවන්ගේ අනාගතය එතනදි පලිහක් විදිහට භාවිතා වෙනවානම් ඒ සම්බන්ධ ගැටුමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වන සංජීව එදිරිමාන්න මහතා,

“අපිට මේ අවස්ථාවේ පේනවා පොදුවේ සමාජය දිහා බලද්දි අයිතිවාසිකම් හා යුතුකම් අතර ගැටීමක් තිබෙනවා. එය උසස් පෙළ දරුවන්ගේ උත්තර පත්තර ඇගයීම වැනි තැනකින් වුණත් මැනගන්න පුළුවන්. දේශපාලකයෝ විදිහට අපට හෝ මේ සමාජයේ කිසිදු පුරවැසියෙකුට හෝ සමාජ තීරුවකට යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ප්‍රශ්න කිරීමේ අයිතියක් නෑ. නමුත් අපිට පොදුවේ තීන්දු කරන්න වෙන, පිළිගන්න වෙන තැන තමයි සෑම අයිතිවාසිකමක්ම නිසැක වශයෙන්ම යුතුකමක් එක්ක බැදිලා තිබෙන්නේ.

තමන්ගේ වෘත්තිය අයිතිවාසිකමක් වෙනු‍වෙන් සටන් කරන කණ්ඩායමක් අතින් උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය , ඒ දරුවන්ගේ අනාගතය එතනදි පලිහක් විදිහට භාවිතා වෙනවානම් ඒ සම්බන්ධ ගැටුමක් තිබෙනවා. ඒ නිසා තමන්ගේ අයිතීන් දිනා ගන්නා ගමන් රටක, සමාජයක පොදු අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවෙන්න තියෙන ඉඩ නැතිම කරන්න බැරිවෙයි. නමුත් එය අවම කරගැනීම වෙනුවෙන් යම් මැදිහත්වීමක් අප සියලුදෙනාටම අනිවාර්යයෙන් කරන්න වෙනවා. එහෙම නොවුනොත් සමාජයක් තුළ ඊට වඩා සංකීර්ණ ගැටුම්කාරි තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

අපි දැක්කා කොවිඩ් ව්‍යසනය හේතුවෙන් පාසල් පවත්වා ගැනීම පිළිබඳව දීර්ඝකාලීන අර්බුදයක් තිබුණා. පාසල් ආරම්භ කිරීමෙන් පසු , විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳව ප්‍රායෝගික ගැටලුසහගත තැන් මතු වුණා. නිසි කලකට විභාග පැවැත්වීම සම්බන්ධ අවුල් තිබුණා. මේ සියල්ල කොවිඩ් ව්‍යසනයෙන් පසු අවස්ථාවේදී කළමණාකරණය කරගන්න තියෙන තැනදි තමයි නැවත අධ්‍යාපනය ඉතාම නරක තැනකට, ගැටලුසහගත තැනකට තල්ලු කරන්නේ.

සමහර විටක මෙය මහා ධනපති පංතියේ දරුවන් වෙන ජාත්‍යන්තර පාසලකට ගිහිල්ලා ලන්ඩන් ඒලවල් ලියලා ඒ දරුවන් සමහරවිට ජිවිතය ගොඩදාගනි. අපේ ගමේ අහිංසක දරුවන්ගේ ජීවිතය සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මෙතනදි මතුවෙන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදි අපි සියලුදෙනා මීට වඩා පරිස්සම් වියයුතුයි සහ අයිතිවාසිකම සමඟ බැඳුණු යුතුකම සම්බන්ධව යම් ආකාරයකින්, අවබෝධයකින් කටයුතු කරන්න සිදු වෙනවා. ”

යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...