*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බොක්සිංවලට නැඟී සිටින්නට සැර පන්ච් එකක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 21, කොළඹ (LNW):

ක්‍රීඩාව ද අන් සියල්ල මෙන්ම පැවත්මේ අභියෝග වෙනස්වීම ඉදිරියේ වෙනස් විය යුතුය.ඒ්ත් අතිශයින් වැදගත් විනය මාලාව සමඟ නෛතික තත්ත්වයන් අභිබවා යමින් නොවේය.නවීනත්වය සහ සමාජ අභියෝග ඉදිරියේ ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් තීරණ ගැනීමට නමනීය විය යුතුය.එසේම සාධාරණය සහ යුක්ති සහගතභාවය හමුවේ දැඩි ස්ථාවරයක් දැරිය යුතුය.


මේ අප්‍රේල් 27 වන දා රෝයල් මාස් ඇරීනා හී දී ඉහත කාරණයන් හී යහපත් සහ අපූර්ව සංකලනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ ලංකා ෆයිට් ලීගය එක්ව සිටිති.ජාත්‍යන්තර ආධුනික බොක්සිං සම්මේලන නීතීන් සහ එම ප්‍රතිපත්තිවලට අවනතව,ඒ සඳහා සුදුසුකම් ඇති විනිසුරුවරුන්,තීරකවරුන් මෙන්ම සියලු තාක්ෂණික සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල සහය ද ඇතුව පවත්වන බොක්සිං තරගාවලියක් අත් විදීමේ භාග්‍යය ශ්‍රී ලංකාවේ බොක්සිං ලෝලීන්ට උදා කර දෙන්නට ඒ අනුව කටයුතු සිඳුවෙමින් ඇත.


මේ මොහොතේ බර කාණ්ඩ පහක් යටතේ සිටින හොඳම තරගකරුවන් යුගලය ඔවුන්ගේ මෑත කාලීන දක්ෂතා අනුව සොයා ගෙන පවත්වන පිරිමි අංශයේ තරග පහක් සහ ඒ ආකාරයටම සොයා ගත් කාන්තා තරග කරුවන් යුගල තුනක් සහභාගි වන තරග තුනක් ද මේ ක්‍රීඩා තරගාවලියට අයත්ය.මෙහිදී ප්‍රේක්ෂකාගාරයට මේ ක්‍රීඩකයන්ගේ තරග කිරීම නැරඹීම සඳහා යම් මුදලක් ගෙවීමට සිඳු වන්නේය.රුපියල් 4000 සහ රුපියල් 2000 බැඟීන් වූ ප්‍රවේශපත්‍ර මේ වෙනුවෙන් සූදානම් කර තිබේ.ඒ අවශ්‍යකාවය මාර්ගගත ක්‍රමයට ඉටු කර ගැනීමට පහත සඳහන් වෙබ් අඩවියෙන් පහසුකම් සළසා ඇත.


http:mytable.lk


එය ප්‍රේක්ෂකාගාරය ක්‍රීඩාව කෙරෙහි බැදුණු එකක් කිරීමේ සහ වගකීම් සහගත එකක් වීමේ පූර්ව නිමිත්තකි.එම වින්දන අවකාශය තුළ ද ප්‍රේක්ෂක වෘත්තීමය ගුණ පෝෂණය කළ හැකි බැවින් මෙන්ම ක්‍රීඩාව කෙරෙහි ආදරය ඇති කරන වැඩ සටහනකට සමාජය මැදිහත් කිරීමක් ලෙස ද ගත් විට සමාජය ඊට සූදානම් කිරීමක් ලෙස ගත හැකිය.


ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මෙහිදී ජයග්‍රාහකයාට මෙන්ම පරාජිතයාට ද වටිනා මුදල් ත්‍යාග හිමිවන බැවින් එය විශාල උද්යෝගිමත් තත්ත්වයකි.පිරිමි තරග පහේදී සහ කාන්තා තරග තුනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙක් මූල්‍යමය වශයෙන් ලබන උපකාරය අතිශයින් වැදගත් වනු ඇත.


ලංකා ෆයිට් ලීගය වෙනුවෙන් අදහස් දක්වමින් ලුතිනන් කර්නල් චන්ද්‍රලාල් නානායක්කාර පෙන්වා දුන්නේ ක්‍රීඩාව තුළ ඇති තාරුණ්‍යයේ ආවේග වැරදි දිශාවන් කෙරෙහි සහ සමාජ විරෝධි ක්‍රියාවන් කෙරෙහි යොමු නොවීමේ විනයක් බොක්සිං වැනි සටන් ක්‍රියාවලින් සැනසීමට හැකි බවය.ආදරය වඩා ආදරණීය සටන්කාමීත්වයක් කරා ගෙන යා හැකි මං වගේම නූතණ සමාජ ආර්ථීක අභියෝග ඔස්සේ එවැනි නිවුණු මාර්ගවල ආවේග ගමන් කරවීමට හැකි මූල්‍යමය බලාපොරොත්තු ඇති කිරීම මෙවැනි සංදර්ශණාත්මක බොක්සිං ක්‍රියාමාර්ග හරහා ඇති කළ හැකි බවත් එම සංවිධානයේ එම්මානුවෙල් මුරුගයියාගේ අදහසය.


මේ අලුත් සංස්කෘතිය රට පුරා දිගේලි කළ හැකි යාන්ත්‍රණය වන ශ්‍රී ලංකා බොක්සිං මේ සඳහා දිගු කරන මිත්‍රත්වයේ දෑත වැදගත්ය.ඩයන් ගෝමස් පවසන්නේ ඔහුගේ ජාත්‍යන්තර බොක්සිං අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පිළිගැනීමේ සිටම ලෝක බොක්සිං ශ්‍රී ලංකාව දෙසට දිගු කරන සහයෝගයේ අත පුළුල් වීමත් සමඟ රට පුරා වෙනදා දකින්නට නොලැබුණු බොක්සිං ප්‍රචලිතවීමක් දකින්නට තිබෙන බවය.මේ වන විට ක්‍රීඩකයන් වැඩිවීම මෙන්ම ඔවුන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය සඳහා ක්‍රීඩාවේ යෙදීමේ නිවැරදි තාක්ෂණය සුරැකීම සහ සංවර්ධනය වෙනුවෙන් ද ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ජාත්‍යන්තර මට්ටමෙන් සුදුසුකම් ලබමින් දැණුම පෝෂණය කර ගනමින් ඉන්න තත්ත්වයට පත්වීම ද වැදගත් බවය.


ඒ නිසා මේ බොහොතේ ඇති ලාංකේය බොක්සිං පුරවැසියා ඉහළ සිට පහළ දක්වා තමන්ට පැවරෙන සියලු වගකීම් සම්බන්ධයෙන් සළකා බැලීමේදී හැකියාවෙන් ද දක්ෂකමෙන් ද ඉහළ තැනෙකට පත් වි සහ පත්වෙමින් තිබෙන වකවානුවක,ලංකා ෆයිට් මිත්‍රත්වයේ අත දිගු කිරීම ක්‍රීඩා කිරීමේ උනන්දුව බෝ කිරීමකි.ලංකා ෆයිට් ද ලංකාවේ සිව් කොණ අමුණමින් මේ සංදර්ශණාත්මක බොක්සිං ක්‍රීඩාව රැඟෙන යද්දී,එම බොක්සිං කවයක රතු හෝ නිල් කොණක රැදී සිටීමේ උවමනාව දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමට උර දීමක්ය.


එහෙත් මේ සංකල්පය තවමත් තොටිලි වැට අල්ලා සිටින හෝරාව බැවින් මේ සංකල්පය ඉදිරියට කෙතරම් වේගයෙන් සහ ලාලිත්‍යයෙන් ඇවිද යනු ඇද්ද හෝ දිව යනු ඇද්ද පැවසීමේ පුරෝකථනයන්ගෙන් අත් මිදි අප ආදරයෙන් සහ උද්යෝගයෙන් දිරි දෙමින් බලා ඉන්නට තීරණය කළෙමු.පොරොන්දු වන්නෙමු.
සාමාන්‍යයෙන් බොක්සිං වළල්ල තුළ පන්ච් එකක සැර කියා පාන්නේ ප්‍රතිවාදියාගේ ඇද වැටීමෙන්ය.එහෙත් ක්‍රීඩාව ලංකාව තුළ නඟා සිටුවීමට දුන්න සැර පන්ච් එකක් වෙන්න මේ සංකල්පයට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.


මෙම මාධ්‍ය හමුවට ලංකා ෆයිට් නියෝජනය කරමින් එහි සම නිර්මාතෘන් සේ එම්මානුවෙල් මුරුගයියා සහ ලුතිනන් කර්නල් චන්ද්‍රලාල් නානායක්කාර එක්ව සිටි අතර ශ්‍රී ලංකා බොක්සිං වෙනුවෙන් සභාපති ඩයන් ගෝමස් පෙරටු කොට උප සභාපතිවරුන් වන කර්නල් හේමන්ත වීරසිංහ සහ වසන්ත කුමාර විතානගේ එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan