පොලිස්පති දේශබන්දුගෙන් බස්නාහිර අපරාධ මඩින්න නව වැඩපිලිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW):පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.

මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර, පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් තිබෙන බවද පවසයි.

පොලිස් වාර්තා වලට අනුව,සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32% ක් ලෙස ගත් කළ පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බවයි.

ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා දිවයිනේම පොලිස් කොට්ඨාසවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ,පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60% ක් ඒ සඳහා යොදවන ලෙසත්, එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත තුළ සිටින පොලිස් නිලධාරීන්ට පාපැදි, ටී56 වර්ගයේ ගිනි අවිද සහිතව ලබාදී අදාළ ප්‍රදේශවල සංචාරය කරවීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් 20ට අමතරව පොලිස්පතිවරයා ඉදිරියේදී නව පොලිස් කණ්ඩායම් 10ක් යෙදවීමටද නියමිත අතර, එම කණ්ඩායම් 10ට අපරාධ කල්ලි සාමාජිකයන් 360කට ආසන්න පිරිසකගේ නාමාවලියක් ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

තවත් 100 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග මේ වනවිට විශේෂ පුහුණුවකට යොදවා සිටින බවත්, ඔවුන් සඳහා විශේෂ නිල ඇඳුමක්, යතුරුපැදි සහ ගිනි අවි ද ලබාදීමට නියමිත බවද සඳහන් වේ.

ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමයි.එමෙන්ම කොළඹ නගරය තුළ පොලීසිය නිරීක්ෂණය කරනු ලබන CCTV කැමරා 176ක සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙන අතර, පෞද්ගලික නිවාසවල ඇති cctv ද ඔවුන්ගේ කැමැත්ත පරිදි පොලීසිය මගින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...