ඊශ්‍රයල – හමාස් ගැටුම හේතුවෙන් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 34,000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔක්තෝබර් 7 ඊශ්‍රායේ සිවිල් වැසියන් 1,200 කට මරු කැඳවන ලද හමාස් ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලය ගාසා තිරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 34,000 හා තුවාල ලැබුවන් 770,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර බහුතරයක් කාන්තාවන් සහ ළමයින් වන අතර සංඛ්‍යාලේඛනවලට අනුව බෝම්බ හෙළන ලද නිවාස, සාප්පු, නවාතැන් සහ වෙනත් ගොඩනැගිලිවල නටඹුන් තුළ වළලනු ලැබ ඇතැයි විශ්වාස කෙරෙන මියගිය දස දහස් ගණනක් මින් බැහැර වේ.

සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තුව අඳුරු වී ඇති අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර භයානක මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර හුවමාරුව වෙත ගෝලීය අවධානය යොමු වී ඇති හෙයින් නවතම දරුණු සන්ධිස්ථානය පැමින තිබේ.

මේ වන විට ගාසා තිරයේ සිවිල් වැසියන් රෆා වෙත සිරවී සිටින අතර ඒ වෙත නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සඳහන් කරන්නේ හමාස් සටන්කාමීන්ගේ බලසේනා හතරක් එහි සැඟවී සිටින බවයි.

කෙසේ නමුත් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා විශ්වාසනීය සැලසුම් නොමැතිව ඊශ්‍රායලය රෆා වෙත නොයා යුතු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම G7 නායකයන් ඊශ්‍රායලයේන් ඉල්ලා ඇති අතර ඊශ්‍රායල් හමුදාව පවසන්නේ මේ වන විට සිය මිලිටරි මෙහෙයුම් හැරහා හමාස් සටන්කාමීන් 13,000කට වැඩි පිරිසක් මරා දැමූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...