ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය ඇමති විජේදාස රාජපක්ෂට !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව පත්කර තිබේ.

අද (21) පෙරවරුවේ රැස්වූ එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙම විධායක සභා රැස්වීම පවත්වා තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන්, ඒ මහතාට හිතවත් ශ්‍රීලනිප පාර්ශ්වය විසිනි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගොනු කළ නඩුවක් අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවා ඇති පසුබිමක ශ්‍රීලනිපයේ මෙම විධායක සභා රැස්වීම අද දිනයේ මෙසේ කැඳවා තිබිණි.

එසේම මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හිතවත් ශ්‍රීලනිප පාර්ශ්වය විසින් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව පත්කරගෙන තිබිණි.

ඒ අනුව ශ්‍රීලනිපයේ තනතුරු පිළිබඳ ආරවුල තවත් දුරදිග යන ආකාරයක් පෙන්නුම් කෙරෙමින් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...