ඔලිම්පික්වලට හොඳ හොඳ සෙල්ලම් එන ලකුණු

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 21, කොළඹ (LNW): මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් කෙතරම් තරගකාරී වනු ඇද්දයි සිතිය හැකි කැටපතක් ඊයේ චීනයේ ෂීමාන් නුවරදි තබනු ලැබිය.ඒ මෙවර ග්‍රොන් පී තරග සංචාරය අරඹමින් තරගාවලියේ පළමුවැන්න එහිදී ඊයේ (අප්‍රේල් 20) නිමාව දුටු බැවින්ය.


වෘත්තීය මට්ටමේ සිය ඉසව්වල ඉහළ දස්කම් දක්වන,මූල්‍යමය වටිනාකමක් එකතුවන පිරිස් අතර තරගකාරීත්වය විමසා බලන ග්‍රෝන්ප්‍රී තරගාවලියේ පළමුවැන්නම නිමාවට පත් වුණේ සෑම ඉසව්වකම පාහේ ලෝකයේ වර්ථමාන හොඳම කාලය වාර්තා කරමින්ය.එසේම සෑම ක්‍රීඩක කීඩිකාවකම පාහේ කාලීන හොඳම දක්ෂතාවය හෝ පෞද්ගලික හොඳම දක්ෂතාවය දක්වන ආකාරයද සුවිශේෂී තත්ත්වයක් විය.මේ අතර ස්වීඩනය නියෝජනය කරන ආමන්ඩ් ඩුප්ලන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ තමන් සතු ආධිපත්‍යය සහ හැකියාව මොනවට පැහැදිළි කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට ද සමත් විය.


එළැඹෙන 27 වන දා චීනයේම දෙවන ග්‍රෝන් ප්‍රී තරගයද පැවත්වෙන අතර එම තරගය මීට වඩා තරගකාරී වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි විය හැකිය.ෂීමාන් හී පැවත් තරගයේ ප්‍රතිපලවලට පහතින් පිවිසෙන්නට අවස්ථාව ඇත.
https://worldathletics.org/competitions/diamond-league/calendar-results/7174050/result

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...