රඹුක්කන සිද්ධිය ගැන විමර්ශන CID භාරයට!

Date:

පසුගිය 19 වන දින රඔුක්කන ප්‍රදේශයේ විරෝධතාවකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරණයට පත්වීම ගැන අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන් නමැත්තා මිය ගිය අතර, උක්ත විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා දන්වා තිබේ.

මරණයට පත්වූ තැනැත්තාගේ අවසන් කටයුතු (22) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇත.

ඒ අනුව 2022.04.23 දින දක්වා දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...