ලෝයර් රට ආවම එන්නම් – රනිල් අල්ලස් කොමිසමට කියයි

Date:

කොළඹ LNW:ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව යළි කැඳවා ඇති නමුත් තමන්ගේ නීතිඥයා විදෙස් ගත වී සිටින හෙයින් ඔහු පැමිණි පසු දිනයක් යොදාගෙන අල්ලස් කොමිසමට පැමිණෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (21) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පළාත් පාලන මැතිවරණයේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා පැවති හමුවේදීය.

”චාමර සම්පත් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශක් නිසා මා ගැනත් කතා කරලා තිබුණා. මම ඒවා මෙතන කතා කරන්න යන්නේ නෑ. මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට. ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යැයි මා කියා තිබෙනවා. ඒ කාරණයේදී අපේ ජනාධිපතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නාම මට එකක් පෙනුනා. ඔහු දූෂණ විරෝධී නීතිය කියවල නෑ. මේක විභාග කරන විට කාටවත් ඒ ගැන කතා කරන්න බැහැ කියා එතුමා කිව්වා. එහෙම කිසිම කොන්දේසියක් දූෂණ විරෝධී පනතේ නෑ. ඒක හොයාගත්තේ කොහෙන්ද? දූෂණය ගැන කතා කරනවා. පනත කියවල නෑ. ඒ පනත් සම්මත කළේ මා ජනාධිපති ධුරයට පත් වූ පසුවයි. විජයදාස රාජපක්ෂ ඇමතිවරයා මෙය සකස් කොට ඉදිරිපත් කළා. මේ දූෂණ විරෝධී පනත මෙන්ම අපරාධ වලින් උප්පාදිත පනතත් ඉදිරිපත් කළේ අපි. ඉතා වේගයෙන් ඒ කටයුතු කළා. විජයදාස රාජපක්ෂ මැතිතුමා නීති හදන්න දක්ෂයා. උදේ කිව්වොත් හැන්දෑවට හෝ ඊලඟ දවසට හදාගෙන එනවා. දන්නේ නැතිනම් එතුමාගෙන් ගිහින් අහගන්න. මම කියන දේ පිළිගන්නේ නෑනේ.”

කෙසේවෙතත් එළඹෙන 25 වැනිදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

මීට ඉහතදී පසුගිය 17 වැනිදා ද වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසමට කැඳවා තිබුණු අතර සිංහල දෙමළ අලුත් අවුරුදු සාමය නිසා සිය නීතිඥයින් කොළඹ නොමැති බව දන්වමින් එදිනට පැමිණිය නොහැකි බව කොමිසමට දැනුම් දී තිබුණි.

මේ අතර මාලිමාව සිතා සිටින පරිදි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

”මාලිමාව හිතනවා නම් මේ ඡන්දය දිනනවා කියලා එහෙම දිනන්නේ නෑ. බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ. අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අප පමණක් නොව අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි. මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි. එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි. අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි.අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි. ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.” යනුවෙන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...