දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක්!

Date:

කොළඹ LNW:සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගර සීමාව තුළ දන්සැල් 820ක් මේ වන විට ලියාපදිංචිවී ඇතැයි මහනුවර මහ නගර සභාව පවසයි.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ දන්සැල් ක්‍රියාත්මකවීම ඉහළ ගොස් ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර නාථ දේවාලය මගින් සැදැහැවතුන් සඳහා දන්සැල් ලබාදීම ඊයේ රාත්‍රි සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රධාන දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දනපතියන්ගේ පරිත්‍යාග මත බත් පාර්සල් බෙදාදිම ක්‍රියාත්මක වූ අතර ආහාර සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමට මත ක්‍රියාත්මක විය.

ඒ අනුව මහනුවර වැව රවුම් මාර්ගයේ රාත්‍රී කාලයේදී රැදී සිටින සැහැහැවතුන් සඳහා බත් පාර්සල් බෙදාදීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...