අද කාලගුණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ , බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බවයි .

මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසන අතර , ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මෙම උෂ්ණාධික කාළගුණ තත්වය හමුවේ වැඩ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර , විශේෂයෙන් වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළීබදව සැළකිලිමත් විය යුතු බවද කාලගුණ බලධාරීන් සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසූවේ , ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පමණක් අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...