තවත් බිත්තර මිලියනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(20) රාත්‍රිදී ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වාරයට ළඟා විය.

එහි සාම්පල අද(21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇති බව , රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය . තවද පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති අතර එහි වාර්තා තවත් දින 4කින් ලැබීමට නියමිත බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 ක් වන අතර එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය .

මේ අතර , බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ(20) නිකුත් කෙරුණු අතර , බර අනුවද බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිලක් නියම කිරීම එහිදී තීරණය වීම විශේෂත්වයකි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...