පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ. තරාතිරම නොබලා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවා – සජිත්ගෙන් පොරොන්දුවක්

Date:

මීට වසර 5කට පෙර මිලේච්ඡ ත්‍රස්තවාදීන් මෙරට දේවස්ථානය සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගෙන සිදු කල මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙරට කතෝලික භක්තිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ජීවිත, අත්පා අහිමි වීම් සිදු වූ බවත් වසර 5ක් ගත වී ඇතත් මෙම ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු මහමොළකරුවන්, මෙය පිටුපස කටයුතු කළ පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට මෙතෙක් බිහි වූ සැම නායකයකුම මෙහි සත්‍ය සොයා දෙන බවට පොරොන්දු වූ බවත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඡන්දය ⁣ගැනීමට පමණක් ඔවුන් එම පොරොන්දු සිදු කළත් ඉන්පසුව මිනිසුන් මංමුලා කරමින් සත්‍ය වසන් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එවන් පරිසරයක් තුළ කුමන ආකාරයකින්වත් මේ මිලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ කිසිම අයකු ඉන් ගලවා ගැනීමට තමා කටයුතු නොකරන බවත් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන් හා කණ්ඩායම් නීතිය හමුවට ගෙනවිත් මොවුන්ට විරුද්ධව උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර 5ක් සැපිරිම නිමිත්තෙන් සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ සංවිධානය කර තිබූ දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වෙමිනි.

තමා මේ වන විටත් අගරදගුරු අතිඋතුම් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට, කතෝලික පියතුමන්ලාට සහ රටේ ජනතාවට පොරොන්දු වී සිටින්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් මේ පිටුලස ඇති බලවේග නීතිය හමුවට ගෙන එන බවත් තමන්ගේ තනතුරු තාන්න මාන්න ආරක්ෂා කර ගැනීමට මේ වින්දිතයන් පාවා නෙදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

එසේම මෙතෙක් කල් බිහි වූ ආණ්ඩු ජනතාව, කතෝලික ප්‍රජාව සහ කාදිනල් තුමා රවටමින් තනතුරට පත් වු පසු මෙයට සාධාරණයක් ඉටු නොකරමින් මෙහි සැබෑ මොලකරුවන් රකින ක්‍රියාපිළිවෙතක යොමු වුවත් සමගි ජන බලවේග රජයක් තුළ සිමා මායිම් තරාතිරම් නොබලා මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කල අයට දඩුවම් ලබා දෙන බවත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සමග සජිත් ප්‍රේමදාස වන තමා ඩීල් නොදමන බවත් තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම දානමය අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක් විය. එසේම ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පූජාව මෙහෙයවීම සිදු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...