අනිද්දා (24) දින ඉරාන ජනාධිපති දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):අනිද්දා (24) දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාන ජනාධිපතිවරයාගෙ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බව එම වාර්තාවල දැක්වෙන අතර, ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටී.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේය,

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති අතර,   2011 වසරේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ  ආරම්භ කෙරුණි. පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ද ඊට යෙදවූයේ ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙනි,

නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද පාකිස්ථානයට පැමිණෙන අතර, ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ වාර්තා පල වුවද, පකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවා හැරේ

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත...

අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….

අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...