අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ, FOXHILL තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ, දියතලාව, FOXHILL මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේ ය.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇතැයි පොලිසිය සඳහන් කලේය.

ඊයේ (21) දින 2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වූ අතර,  අනතුරින් ජීවිත අහිමිවූවන් අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරග නිරීක්ෂකයින් 04 දෙනෙක් ද ඇතුළත් බව වාර්තා විය.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහල් වෙතයි.ඉන් තිදෙනෙකුගේ තත්ත්වය තවදුරටත් බරපතළ බව පොලිසිය පැවසුවේ ය.2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය ඊයේ ආරම්භ වුණේ, දියතලාව, ෆොක්ස්හිල් ධාවන පථයේදී ය. මේ සදහා මෝටර් රථ ධාවන ශූරයින් ද ඇතුළුව තරගකරුවන් රැසක් එක්ව සිටි අතර, තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වූ බව වාර්තා විය.

තරගයේ පළමු අදියර අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරග නිරීක්ෂකයින්ගේ සහ නරඹන්නන්ගේ ගැටී ඇති බව පොලිසිය සඳහන් පැවසූ අතර, අනතුර සිදුවීමත් සමග තරගය නතර කිරීමට සංවිධායකින් තීරණය කළ බව යුද හමුදාව නිවේදනය කළේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...