ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා දෙයි

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මැතිතුමා  හමුවිය.

තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය අගය කළේ ය. චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක පිළිබඳව ද එතුමා සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා  ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා  ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද එතුමා විසින් තානාපතිවරයා දැනුම්වත් කරන ලදී. තවද එතුමා විශේෂයෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපති චී මැතිතුමා සහතික විය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී ඇත. තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළේ ය. පුද්ගල හුවමාරු, බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම, දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි.

විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2022 අප්‍රේල් 21 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...