ගෝඨා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න ! – ඇමතිනී ගීතා කුමාරසිංහ (VIDEO)

Date:

මහාමාර්ග සහ දුම්රිය මාර්ග වසමින් පවත්වන විරෝධතා යනු ත්‍රස්තවාදයෙක් නොවේදැයි සංස්කෘතික කටයුතු නව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කරයි.

“මම මෙය අවස්ථාවක් කරගන්නවා අද රටේ පවතින තත්වය ගැන කතා කරන්න. තරුණ දරුවෝ වේගවත්ව තමන්ගෙ ජීවිතවලට ඒ ලැබිලා තියෙන මානසික වියවුලෙන් ගැළවෙන්නට ඔවුන් ගෝල්ෆේස් පිට්ටනියට ඇවිල්ලා බෝඩ් අල්ලාගෙන ඉන්නවා. ඔව්, අපි ඒක ගැන ඇත්තටම හෘදයෙන්ම කණගාටු වෙනවා. නමුත් මේවායෙ ඇතුළත තියෙන සමහර දේවල් දිහා බලද්දී මේ රටේ මේ දරුවන්ව විකුණාගෙන කන විදිහේ කල්ලියක් තියෙනවා. ඊයෙ පෙරේදා කෝච්ච් පාරවල් වහලා, බස්වලට යන්න නොදී මිනිස්සුන්ව පයින් ඇරියෙ කවුද ? මේවායින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? මේවා ත්‍රස්තවාදයක් නෙවෙයිද ? අහිංසක ජනතාවක් නම් මේ විදියට කරයිද ? යන්න තියෙන කෝච්චි ටික වැහුවා, බස් ටික වැහුවා. මං දන්න අම්මා කෙනෙක් මට කතාකරලා කිව්වා මං අද කිලෝමීටර් පහක් පයින් ගියා මට වාහනයක් නැතුව, වෙනදා අපි සීටීබී බස් එකේ යන්නෙ, ඒකත් නැතිකළා කියලා. නමුත් ඔබතුමන්ලා හැමෝම දන්නවා මේ වෙනකොට පෙට්‍රල් ඩීසල් ප්‍රවාහනය කරනවා, ඒකෙ කිසියම් අඩුපාඩු තියෙනවා බෙදාහැරීමේදී, නමුත් ඒකත් හරියාකාරව සිද්ධවෙයි කියන විශ්වාසය තියෙනවා. මට එක දෙයක් කියන්න ඕනෙ 1971 මෙතන ඉන්න සමහර තරුණ තරුණියො සහ ගෝල්ෆේස් පිටියෙ ඉන්න පුංචි ළමයි දන්නැතුව ඇති. 71 මම බොහොම ලොකු එක්කෙනෙක් නෙවෙයි, නමුත් මට ඒ සියල්ල මතකයි 71 කාලෙ වෙච්ච භීෂණය මේ රටේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ගෙදර පලයන් කියනකොට ගියාද ? 86 – 87 ආර්. ප්‍රේමදාස මැතිතුමාට, ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට ගෙදර පලයන් කියනකොට ගියාද ? එහෙම නැත්නම් මම අද මේ සභාවෙදි කියනවා ගෝඨා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න. එතුමාගෙ කාලය ආවාම එතුමා යයි. එදාට ඡන්දෙකට එමු. අපි සියලු දෙනා ඒ ඡන්දයෙන් දිනන්නෙ පැරදෙන්නෙ කවුද කියලා බලලා ගෝ හෝම් කියන එක තීරණය කරමු කියලා මම මේ සභාවේ කියමින් නිහඬ වෙනවා”

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ අමාත්‍ය තනතුරක් ලැබීමෙන් අනතුරුව පළමුවරට ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...