පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 60ක් සමග කාදිනල් හිමි පාප් වහන්සේ බැහැදැකීමට රෝමයට !

0
1221

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයකට අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සමග කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අද (22) අළුයම රෝමය බලා පිටව ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සමීප ඥාතීන් ඇතුළු එම ප්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු පමණ මෙම සංචාරයට සහභාගී වී ඇති බව සඳහන්.

මීට පෙර මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ කළ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here