Friday, February 3, 2023
spot_img

Latest Posts

මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මානව හිමිකම් කොමිසම විසින් ත්‍රිපුද්ගල ලමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසිනුයි මෙලෙස පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබුණේ.

එම වෙඩි තැබීමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදී සිදුකෙරෙන අතර එම කටයුතු අවසන් වන තෙක් ත්‍රිවිධ හමුදා සහය ඇතිව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද කටයුතු කර ඇත.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.