*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.

කියන්න කණගාටුයි මේ පාර්ලිමේන්තු සති දෙක ඇතුළේ රටේ මේ පවතින ප්‍රශ්නය විසඳාගැනීම වෙනුවෙන් අල්පෙනිති තුඩක තරම්වත් දෙයක් වුණු බවක් පෙනෙන්න නැහැ. පාර්ලිමේන්තුවේ 225න් 224ක්ම හැසිරෙන්නේ කොහේ හෝ ඈත පළාතක ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍ය නායක රැස්වීමකදී වගේ.

එක්කෙනෙක් කියනවා අපි තමයි පන්තියේ ඉඳන් පිට්ටනියට යනකල් හොඳටම පේලියට ගියේ කියලා. තව කෙනෙක් කියනවා අපි තමයි උදේ රැස්වීමේදි සද්දෙන්ම පාසල් ගීය කිව්වෙ කියලා. ඔය අස්සේ නෙළුම් පන්තියේ තිබ්බ කොස්ස නැතිවුණේ කොහොමද කියලා අහපුවාම ඔක්කොම කෑගහනවා අපි නෙවෙයි කොස්ස ගත්තේ අරයා තමයි ගත්තෙ, මෙයා තමයි කියලා. ඊට අමතරව එක එක්කෙනා රචනා ලියාගෙන ගිහින් ටීචර්ට බාරදෙනවා 21 වෙනි සංශෝධනය ගැන. ආයෙ ඉන්ටවල් එකට කෑම කන්න යනවද නැද්ද කියලා රණඩු වෙනවා …. ඕකනෙ තත්වෙ !

රටක් හැටියට අපි ඉන්නෙ අතිශය දරුණු ආර්ථික අර්බුදයක. අපේ ඩොලර් සංචිත හිඳිලා ගිහින්. අපට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන පවා ආනයනය කරගන්න බෑ. දිනපතා විදුලිය කප්පාදු කෙරෙනවා. ඩීසල්, පෙට්‍රල්, ලාම්පු තෙල්, ගෑස් පෝලිම් ගැන කියලාත් වැඩක් නැති තරම්. රෝහල්වල ඖෂධ හිඟයි කියලා සෞඛ්‍ය වෘත්තීය සමිති නිවේදන නිකුත් කරමින් ඉන්නවා. මාර්තු මාසය පටන් ගනිද්දී තිබුණාට වඩා බඩුමිල එකට එකක් වැඩිවෙලා. සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරපු දේවල් පවා නිකම්ම සුඛෝපභෝගී භාණ්ඩ තත්වයට ඇවිත්. අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට බඩට කෑම ටිකක් දාගන්න එක, දරුවන්ට කිරි වීදුරුවක් දෙන එක පවා හිතාගන්න අමාරු තරම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැනටමත්. සිමෙන්ති නෑ, කම්බි නෑ, වෙනත් අමුද්‍රව්‍ය නෑ, කර්මාන්ත අංශයත් කඩාවැටීමේ පාතාලය අද්දර. ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල බලාගෙන ඉද්දී ඉහළ යමින් තියෙන්නෙ තවමත්. ඊළඟ සති දෙකක් ගතවෙද්දී මේ රටට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව මිනිස්සු කම්පනයට පත්වෙලා ඉන්නෙ.

ඔය අව් අස්සේ අපේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ ඔහේ තේරුමක් නැතිව මහජන මුදලින් කකා බිබී දීමනා ටිකත් අඩුවක් නැතුව අරගෙන කාලය නාස්ති කරමින් ඉන්නවා …

මේ අතරේ එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි කියන්නේ මේ ප්‍රශ්නය අපි මේ පාර්ලිමේන්තුව ඇතුළේ කතාකරලා එකඟතාවකට ඇවිත් විසඳාගන්න බලමු කියලා. කවුරු කැමති වුණත් නැතත් ඔහු විතරයි කියන්නේ දැන් මේකට වැරදිකාරයෝ හොය හොයා ඉන්න වෙලාවක් නෙවෙයි, අපි හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව ඇතුළේ අදාළ යාන්ත්‍රණ ටික හදාගෙන හැමෝගෙම අදහස් එකතු කරගෙන හෙට අනිද්දා එන්න නියමිත ආර්ථික ව්‍යසනයෙන් ජනතාව කොහොමහරි බේරගන්න උත්සාහ කරමු කියලා … එහෙම බැලුවාම පාර්ලිමේන්තුව ඇතුළෙ වැඩිහිටියෙක් වගේ හැසිරෙන එකම කෙනා රනිල් !

කොහොම වුණත් දැන් අපට තියෙන ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේ ඉතුරු 224 දෙනා වැඩිහිටියෝ වගේ හැසිරෙන්න පටන් ගන්න අදහස් කරගෙන ඉන්නේ බෙහෙත් නැතිව රටේ රෝහල්වල රෝගීන් මැරෙන්න පටන් ගත්තාමද, කන්න නැතුව රටේ දරුවන්ට මන්දපෝෂණය හැදෙන්න පටන් ගත්තාමද, දුප්පත් අම්මලා තාත්තලා දරුවන්ට එකවේලක් හරි කන්න දෙන්න බලාගෙන පාරවල්වල හිඟාකන්න, කුණුබක්කි අවුස්සන්න පටන් ගත්තාමද … තවත් ඔයවගේ දාහක් විනාශයන් ඇස් පනාපිට දකින්න ලැබෙන්න පටන් ගත්තාම විතරද ඒ අය වැඩිහිටියෝ වෙන්නෙ කියන එකයි !!

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan