විනාශ වූ බැංකොක් ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුගේ විධායක නිලධාරියා අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

ඉකුත් මාර්තු 28 තායිලන්තයට බලපෑ භූමිකම්පාවේදී කඩා වැටුනු බැංකොක් නුවර ඉදිකෙරෙමින් පැවැති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වගකිව යුතු ඉදිකිරීම් සමාගමේ චීන විධායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සෙනසුරාදා චීන ජාතික ෂැං චුවාන්ලිං නමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු චීන ඉදිකිරීම් සමාගමක තායිලන්තයට අයත් අනුබද්ධිත ආයතනයක සේවය කර ඇති අතර ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් වන චෝදනාවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මත අවශ්‍යව සිටි පුද්ගලයන් හතර දෙනාගෙන් කෙනෙකි. සමාගම විසින් බැංකොක් හි චතුචක් දිස්ත්‍රික්කයේ තට්ටු 30 කින් යුත් රාජ්‍ය විගණන කාර්යාල මූලස්ථානය ඉදිකරමින් සිටි අතර, මාර්තු 28 වන දින මධ්‍යම මියන්මාරයට බලපෑ විශාල පරිමාණයේ භූමිකම්පාවකින් එය කඩා වැටුණි.

තායිලන්ත ජාතිකයින් වන අනෙක් සැකකරුවන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව බැංකොක් පෝස්ට් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...