සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළව තිබූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේ.
කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.




