ඔලිමිපියන්ස් පොළොන්නරුවේ පැල හිටුවයි

Date:

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සාදා ගත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ මැතිවරණ බල ප්‍රදේශය වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවාමුක්ත කදවුර සහ ඉර හඳ කෙටූ වැව විද්‍යාලවල පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් දැණුම් දෙයි.ඔලිමිපියන්ස් සංගමයේ සභාපතිණිය වන ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකසහ අධ්‍යාපන අමාත්‍යංශයේ මලල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී ශ්‍රියාණි කුලවංශ ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන සුගත්තිලකරත්න, නිම්මි ද සොයිසා, මහේෂ් පෙරේරා, පුෂ්පමාලී රාමනායක, රුවිනි අබේමාන්න, චින්තන ගීතාල් විදානගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අවස්ථාවට එක් වි ඇත.


රේඛීය ආයතනනියෝජනය කරමින් පොලොන්නරුව ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දිම පොරෝගම, සේවා මුක්ත කදවුර ජාතික පාසලෙහි විදුහල්පති මහින්ද රූපසිංහ, ඉර හඳ කෙටුවැව මහා විද්‍යාලයේ විදුහල්පති එස් එම් ඒකනායක ,සහකාර දිසා වන නිලධාරී සරත් වීරසේන යන මහත්ම මහත්මීන් ද,එක් වූ මේ අවස්ථාවන් අර්ථවත් කිරීම සඳහා පැල ලබාදීමේ අනුග්‍රාහකත්වය දැරුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.


මෙම පැල හිටුවිම සිදු කළ සේවාමුක්ත කදවුර විද්‍යාලය මීට දශකයකට පමණ පෙර ජාතික මට්ටමේ මලල ක්‍රීඩා ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අත්පත් කරගත් පාසලකි.ඒ සඳහා පාසලේ ක්‍රීඩා පුහුණුවට අවශ්‍යය උපකරණ තමන්ගේ නිර්මාණාත්මක බුද්ධිය යොදා ගෙන සකස් කරමින් පාසලේ ක්‍රීඩාව රැක ගැනීම සඳහා විශාල දායකත්වයක් දැක් වූවේ එවකට එම පාසලේ ශාරිරික අධ්‍යාපන ගුරුවරයාව සිටි ශ්‍රියන්ත දිසානායකයි.ඔහු විසින් එසේ නිර්මාණය කරන ලද උපකරණ සම්බන්ධයෙන් වරක් ඉන්දියාවේ පටියාල පැවති පුහුණුකරු පාඨමාලාවකදී ද එරට දේශකයන්ගේ විශාල ලෙස අගය කිරීමකට ලක් වි තිබිණි.


අද වන විට ඔහු එම පාසලේ නොමැති අතර සිටින පාසලකින් මලල ක්‍රිඩක ක්‍රීඩිකාවන් පුහුණුකර ජාතික මට්ටමට ගෙන ඒමක්ද දකින්නට නොලැබෙයි.අධ්‍යාපන අමාත්‍යංශයේ මලල ක්‍රීඩා බලධාරීන් මෙවැනි ඔලිම්පික් තරු පැල කරන්නට දිසානායකලා වැනි පුහුණුකරුවන්ගේ දායකත්වය රඳවා ගැනීම ගැන ද වැදගත් බැවින් ඔවුන්ට සිඳු වූ දේ සොයා බැලීම ද වැදගත් වේ.


මෙම පැල සිටුවීමේ උත්සවයන්ට සමගාමීව ඔලිම්පික් නියෝජනය කරන ලද ක්‍රීඩකයින් තමන් ලෝකය නියෝජනය කරන්නට දුෂ්කරතා මැඩ පුහුණු වූ ආකාරය සහ එම කඩඉම් ජයගත් ආකාරයද රැස්ව සිටි සිසු සිසුවියන් සමඟ බෙදා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය.එසේම ඔලිම්පික් නියෝජනයේදී අදාළ ක්‍රීඩාවන් සම්බන්ධ පරිසාධන මට්ටම් ඇති අතර එම පරිසාධන මට්ටම් ඉක්මවා සුදුසුකම් ලබන්නන් වැඩිකිරීම කෙරෙහි ප්‍රදාන ලෙස අවධානය යොමු කිරීම රටේ ක්‍රීඩාව භාර සියලු දෙනාගේ වගකීම වන්නේය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...