ජී.එල් කියන්නේ පිස්සෙක්! (VIDEO)

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම අද (22) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර එය අවසන් කර පිටත්ව යන අවස්ථාවේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

එම රැස්වීමේදී නව සභාපතිවරයෙක් පත්කරගෙන තිබුණු අතර සෙසු නිලයන් සඳහා පෙර කටයුතු කළ තැනැත්තන්ම පත්කර ගෙන තිබුණි.

ඒ අනුව නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබුණු අතර මෙහිදී මාධ්‍ය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ ජී.එල්.පීරිස් මහතා පවසන පරිදි එලෙස නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා ”පිස්සෙක්” ලෙස ජි.එල්.පීරිස් මහතාට ප්‍රතිචාර ‘දැක්වීය.

මේ අතර ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...