ඇමති නාලක ගොඩහේවා ඉල්ලා අස්වීමේ ලිපිය යවයි. ජනපති එය ප්‍රතික්ෂේප කරයි (VIDEO)

Date:

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන ස්ථාවර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඊට පූර්වාදර්ශයක් වශයෙන් තමන් ඉල්ලා අස්වන බවත් සඳහන් කරමින් තමන් මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයාට වෙත ලිපියක් යොමු කළ නමුත් ජනාධිපතිවරයා එම ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් තවදුරටත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීමට තමන් තීරණය කළ බවයි ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ.

නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති බව ඊයේ දිනයේදී මුලින්ම පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...