අගමැතිකම හරි කමක් නෑ දෙන්න, ප්‍රශ්න විසඳලා ආපහු දෙන්නම් – උද්දික පුතා ඉල්ලයි (VIDEO)

Date:

තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.

“මේ පාර්ලිමන්ට් එක සිකුරාදායින් අපි වහනවා. හරි නම් හෙටත් අනිද්දාත් දිගටම වැඩකරලා මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ. අපි හිතන් හිටියෙ රටේ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ පාර්ලිමන්ට් එකට ඇවිල්ලා කියලා. නමුත් මෙතනත් ඒකට විසඳුමක් නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ ? තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ නැත්තෙ ? තීන්දු තීරණ ගන්න බැරි නම් අපට දෙන්න, අපි ගන්නම් ! ජ්‍යේෂ්ඨ තනතුරු – අගමැතිකම හරි කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ – අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ, ආසන ඕනෙ නෑ, මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න”

උද්දික ප්‍රේමරත්න මහතා ආවේගශීලීව මේ ආකාරයෙන් අදහස් දැක්වූයේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව කාලයක් තිස්සේ අනුරාධපුර ජනතාවට සොයාගැනීමටවත් නොහැකිව තිබුණු අතර අනුරාධපුරයේ ජනතාව ඒ මහතාව ආදරයෙන් සිහිපත් කරන්නේ “උද්දික පුතා” යනුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...