අලුත් කඩේ අවුරුදු!

LNW කොළඹ: ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2026 වසරේ අලුත් කඩේ අවුරුදු කුමරිය ලෙස පසුගියදා නීති ශිෂ්‍ය දර්ශි දහනායක මෙනවිය කිරුළු පැළඳීය.

එහි දෙවැනි ස්ථානය ලෝචනා ජයසුන්දර මෙනෙවිය හා තෙවන ස්ථානය සදිනි සිල්වා මෙනවිය හිමිකර ගෙන ඇත.

ප්‍රවීන රංගන ශිල්පී සහ රූප රාජිනී තරඟ විනිශ්චයකරුවෙක් වන ධනංජය සිරිවර්ධන,රංගන ශිල්පිනී සහ විවාහක රෑ රැජින(2019)දෙවන ස්ථානයට කිරුළු පැළඳි අශිකා මතසිංහ සහ 2025 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළදූ ප්‍රතිභා ලියනාරච්චි යන ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තරඟය විනිශ්චය කරන ලදි.