අපේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම් ජාතික ආණ්ඩුවට සහාය දෙනවා – චම්පික

Date:

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන් මීට පෙර ඉදිරිපත් කරන ලද යෝජනා 4 ක්‍රියාත්මක කරන්නේ නම් ජාතික ආණ්ඩුවට සහාය දීමට සූදානම් බව 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේ නොමැතිව ඇමතිකම් හෝ වරප්‍රසාද සඳහා පමණක් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට තම සහාය නොදෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපි එකක් පිළිගන්නවා. මේ බංකොලොත් රට ඔය කයිවාරු ගැහීම් වලින් ආණ්ඩුවට නිකන් බරපතල චෝදනා ඉදිරිපත් කිරීමෙන් ගලවා ගන්න බෑ. ඒ වගේම ආණ්ඩුව වර්තමානයේ අනුගමනය කරන ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අපට අනුමත කරන්නත් බැහැ.

ජාතික ආණ්ඩුවක් පිළිබඳව අපි නිශ්චිත යෝජනාවක් ඉදිරිපත් කළා. මේ අර්බුදය හටගත් වෙලාවෙම ගිය වසරේම අපි ඉදිරිපත් කළා. ඒක බොහොම සද්භාවයෙන් අපි ඉදිරිපත් කළේ.

  1. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන උත්තර මණ්ඩලය පිහිටවන්න.
  2. ඒ උත්තර මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ඊළඟ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය දක්වා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් පිළිබඳ අවම දේශපාලන, ආර්ථික වැඩපිළිවෙලක් පිළිබඳව එකඟතාවයක් ඇතිකරගන්න.
  3. සියලු දෙනාට පිළිගත හැකි විද්‍යාත්මක කෙටි ඇමති මණ්ඩලයක් භාරකාර ඇමති මණ්ඩලයක් ඇති කරන්න.
  4. රටේ ඉතාමත්ම වැදගත් රාජ්‍ය ආයතන 52 ක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන. ඒ කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන සඳහා කාටත් පිළිගත් වෘත්තීය මට්ටමේ පළපුරුද්ද තියෙන දූෂණයෙන් තොර පිරිස් පත් කරන්න ,රටේ ප්‍රසම්පාදන සහ විගණන ක්‍රියාවලිය විවෘතව කරගෙන යන්න

මේ හතර ක්‍රියාත්මක වෙනවා නම් අපේ සහයෝගය අපි ලබාදෙනවා. එහෙම නැත්නම් ඔය ඇමතිකමක් දෙන්නම්, මේක අරගන්නම්, නඩුව යට ගහලා දෙන්නම්, ඒ වගේ කාරණාවලට අපි හිතන්නේ නැහැ මේ රටේ මේ අර්බුදයට විසඳුමක් වෙයි කියලා ඔය කියන ජාතික ආණ්ඩුව”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...