සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!

නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙක
අපි උන්නේ තැන් තැන්වල
අසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක


දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේ
චිතක මත රැඳි රැඳී කමටහන් වී දැ⁣වේ
ස්ථිරයි! මරණය වරණයක් නම් නො වේ
ඒ වුනත් නො වැටහෙන යමක් ඇස් අග කැවේ

තර්ක ප්‍රතිතර්ක ලඹ දුන් රණබිමක වරුණේ
සර්ව සුබ සිහින පිරි උපහාස කඳු මුදුනේ
පෙරමඟට තරු හෙව්ව සමනළුන් අතිනේ
අවි නෙවෙයි මධු බඳුන් විතරමයි ගැටුණේ

සම්මා සංකල්ප ශ්‍රද්ධා දේශපාලන අතුරේ
උත්ප්‍රාස මැදත් යම් දෙයක් ඉතිරි ව ඉතිරේ
නිම්නාද දුන් නො දුන් මිත්‍ර බන්ධන අතරේ
මිනිස්කම තිබුණේ දිලෙමින් දෙඇස් ඇතුළේ

ඇහිපියන් නො හොල්ලා හදේ වැස්සක් මැවේ
සිහි⁣නයක් සිහි නැති ව තවත් සිහිනෙක ගිලේ
ප්‍රශ්වාස ප්‍රෙහෙළිකා නො විසඳෙන ඒ පැයේ
සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ

එකින් එක එළි නිවී එකින් එක තරු මියේ
අතින් අත අත හැරී යන විටදි හද දැවේ
එතැන් සිට අවසාන පැයට යන මග දිගේ
කඳුළකට වඩා බර යමක් ඇස් අග කැවේ

~ කල්පනා ඇම්බ්‍රෝස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...