(VIDEO):”පාස්කු විමර්ශන ගෝඨාභය ව්‍යාකූල කළා”.පාස්කු යුක්තිය ඉටුකරන්න ආපු ගෝඨාභය කළ කැතම වැඩේ මෙන්න!

Date:

කොළඹ LNW: පාස්කු ප්‍රහාරය තුළ දේශපාලන බලය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොතිබුණු බවට කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.

ඒ, අද (24) පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

යහපාලන ආණ්ඩුව සමය තුළ දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය හරහා රට අරාජික කිරීමට දැරූ උත්සාහයේ සිටම එය කතා කළ හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධ සත්‍ය වසන් කිරීමට උත්සහයක් ගනිමින් තිබෙන අතර ඊට හේතුව පැහැදිලි කරගත යුතු වන බවයි අලවතුවල මහතා පැවසුවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන සිදුකරන බව පවසමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රධාන විමර්ශකයින් 31ක් ඉන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන අතර ඒ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත චෝදනා රැසක් එල්ල වී තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ සිදුකර තිබුණු බවද අලවතුවල මන්ත්‍රීවරයා කියාසිටියේය.

පැහැදිලි ලෙසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එම පරීක්ෂණ ව්‍යාකූල කළ බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉටුව නොමැති හෙයින් සමඟි ජන බලවේග රජයක් තුළ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන එමින් සාධාරණය ඉටුකිරීමට වගබලා ගන්නා බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...