මධුෂානි රිදී පදක්කමකින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එකතු කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): ඩුබායි හී පැවැත්වෙන විසි එක්වන ආසියාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා සුරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රෙදී පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මදුෂානි හේරත් සමත් වුණා. මීටර් 13.01 ක් වූ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් ඇය රිදී පදක්කමට පිවිසෙන්නට සමත් වුණා.

ක්‍රිෂාන්ත කුමාර යටතේ පුහුණුව ලබන ඇය මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. නෙත්මිකා මදුශානි හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාවද වෙනවා.ඇය තුන් පිම්ම ඉසව්වට අමතරව මෙම තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වද නියෝජනය කිරීමට නියමිතයි.

මේ වන විට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින ඇය,ඇයගේ පවුලේ සෙසු සහෝදරයන් මෙන්ම,අධ්‍යාපනයේද ඉහළ හපන්කම් ඇත්තියක වීම,විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මේ සමග දැක්වෙන්නේ ඇයගේ ජයග්‍රාහී පිම්මයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...