අයෝමාල් අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): අයෝමාල් අකලංක ඩුබායි හී පැවත්වෙන 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 කඩුලු ඉසව්වේ මූලික තරගයේදී දෙවැනි තැන ලබා ගන්නට සමත වුණා.ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ඇති අකලංක මීටර් 400 කඩුුලු ඉසව්වේදී ජාත්‍යන්තර වශයෙන් අවුරුදු 20 න් පහළ ඉසව්වක් නියෝජනය කරන පළමු අවස්ථාව මේ තරගාවලියයි.


ජපානය නියෝජනය කරන සුචිගාමි ෂෝටා තත්පර 50.19 න් එම ඉසව්ව ජයගෙන අවසාන තරගයට පිවිසුණා.අයෝමාල් ඉසව්ව නිම කළේ දෙවැන්න ලෙසය.ගත කළ කාලය සටහන් වුණේ තත්පර 52.96 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ධාවන ඉසව්වලින් සුවිශේෂි ජයග්‍රහණ රැ්සක් ගෙනා පුහුණුකරුවෙක් වන අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන අයෝමාල් අඹගමුව විද්‍යාලයේ සිසුවෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...