අයෝමාල් අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): අයෝමාල් අකලංක ඩුබායි හී පැවත්වෙන 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 කඩුලු ඉසව්වේ මූලික තරගයේදී දෙවැනි තැන ලබා ගන්නට සමත වුණා.ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ඇති අකලංක මීටර් 400 කඩුුලු ඉසව්වේදී ජාත්‍යන්තර වශයෙන් අවුරුදු 20 න් පහළ ඉසව්වක් නියෝජනය කරන පළමු අවස්ථාව මේ තරගාවලියයි.


ජපානය නියෝජනය කරන සුචිගාමි ෂෝටා තත්පර 50.19 න් එම ඉසව්ව ජයගෙන අවසාන තරගයට පිවිසුණා.අයෝමාල් ඉසව්ව නිම කළේ දෙවැන්න ලෙසය.ගත කළ කාලය සටහන් වුණේ තත්පර 52.96 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ධාවන ඉසව්වලින් සුවිශේෂි ජයග්‍රහණ රැ්සක් ගෙනා පුහුණුකරුවෙක් වන අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන අයෝමාල් අඹගමුව විද්‍යාලයේ සිසුවෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...