සත්‍ය

Date:

අපේ රට විදේශීය රටවලින්, විදේශීය ආයතන වලින් ණය ලබාගන්නා පළමු අවස්ථාව මෙය බව ඇතැම් දේශපාලකයෝ පවසති. මහමඟ සරසවි සිසුන් යොදවා පිං කැට වලට මුදල් එකතු කරවන ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක මහතා වර්තමාන රජය විසින් ලබාගන්නා විදේශීය ණය හඳුන්වන්නේ පිටරට වලින් මුදල් හිඟා කනවා යනුවෙනි.නැතිබැරිකම කියා හිඟාකනවා කියන්නේ එක් දෙයකි.

පොලියට ණයක් ලබා ගන්නවා යන්න තවත් එකකි. ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් පළමු වරට ණය ලබා ගත්තේ 1952 වර්ෂයේ දී ය. ඉන් අනතුරුව එදා සිට මේ දක්වා පැවති කිසිදු රජයකට ණය ලබා නොගෙන ආර්ථිකය සමබරව පවත්වාගෙන යාමට හැකි වූවානම් ඒ සුරංගනා කතාවක තිබූ රටක් විය යුතුය .

මීට වසර 30 , 40 කට පෙර පැවති රජයන් ලබගත් ණය බිලියන ගණන් ඉන් අනතුරුව පැවති රජයන් ට ගෙවීමට සිදු විය . ණය ආධාර නොමැතිව කිසිදු රජයක් පවත්වාගෙන යාමට නොහැක . ඇමරිකාව , එංගලන්තය වැනි රටවල් පවා එක්තරා වකවානුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබගෙන තිබේ .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපනය කර තිබෙන්නේ මූල්‍ය පහසුකම් ඇති රට වලවල් නගා සිටුවීමටයි. මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ පවත්වාගෙන යනනේ ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබෙන මුදල් වලිනි. කුමන ණයක් හෝ ලබාගෙන රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නේනම් ඒ රටත්, රටේ ජනතාවත් වෙනුවෙන්මයි……….

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...