විශ්වාසභංගයට කලින් 2015 වගේ නම්බු පිටින් ගෙදර යන්න – විමල් පිල අගමැතිට කියයි !

Date:

විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව ඉල්ලා අස්විය යුතු බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

“එහෙම වුණොත් විශ්වාසභංගය එයි. ඒ විශ්වාසභංගයට ඡන්දය දෙන්න කියලා ජනතාවගේ පැත්තෙන් ලොකු තෙරපීමක් සෑම මන්ත්‍රීවරයෙකුටම එයි. විශ්වාසභංගයෙන් පැරදිලා අගමැතිවරයාට ඉවත්වෙන්න සිදුවුණොත් ඔහු කරපු මේ ඓතිහාසික කාර්යභාරයටත් මහා මදිපුංචිකමක් වෙනවා. ඒ නිසා මං හිතනවා ඔහු කළයුතුව ඇත්තේ මේ රටේ තියෙන ඉල්ලීමට ඉඩදීලා එදා 2015 ජනවාරි 09 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය පිළිගත්තා සේ, ඒ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව පිළිගෙන සිනාමුසු මුහුණින් උදේ පාන්දර තමන්ගෙ ගම්බිම් බලා ගියා සේ – මහජන ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා ඉවත් වෙන්න කියලා, නව පාලනයකට ඉඩදෙන්න කියලා ඒ ඉල්ලීම පිළිඅරගෙන මෙවරත් ඔහු තමන්ගෙ ගෞරවය ඉතිරි කරගෙන මේ රට යහපත් දිශාවකට හැරවීම සඳහා ඉඩදීම තමයි කළයුතු වන්නේ. එසේ නොවේ නම් අනිවාර්යයෙන්ම විශ්වාභංගය ඉදිරිපත් වේවි, ඒ විශ්වාසභංගය දිනාවි මහජනයාගේ ලොකු තෙරපීමකුත් එක්ක, ඔහුට ඉවත් වෙන්න සිදුවේවි. එතනින් තමා මේ තත්වය කෙළවර වෙන්න නියමිතව තියෙන්නෙ”

ජයන්ත සමරවීර මහතා මේ බව පැවසුවේ අද (24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...