විශ්වාසභංගයට කලින් 2015 වගේ නම්බු පිටින් ගෙදර යන්න – විමල් පිල අගමැතිට කියයි !

Date:

විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව ඉල්ලා අස්විය යුතු බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

“එහෙම වුණොත් විශ්වාසභංගය එයි. ඒ විශ්වාසභංගයට ඡන්දය දෙන්න කියලා ජනතාවගේ පැත්තෙන් ලොකු තෙරපීමක් සෑම මන්ත්‍රීවරයෙකුටම එයි. විශ්වාසභංගයෙන් පැරදිලා අගමැතිවරයාට ඉවත්වෙන්න සිදුවුණොත් ඔහු කරපු මේ ඓතිහාසික කාර්යභාරයටත් මහා මදිපුංචිකමක් වෙනවා. ඒ නිසා මං හිතනවා ඔහු කළයුතුව ඇත්තේ මේ රටේ තියෙන ඉල්ලීමට ඉඩදීලා එදා 2015 ජනවාරි 09 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය පිළිගත්තා සේ, ඒ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව පිළිගෙන සිනාමුසු මුහුණින් උදේ පාන්දර තමන්ගෙ ගම්බිම් බලා ගියා සේ – මහජන ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා ඉවත් වෙන්න කියලා, නව පාලනයකට ඉඩදෙන්න කියලා ඒ ඉල්ලීම පිළිඅරගෙන මෙවරත් ඔහු තමන්ගෙ ගෞරවය ඉතිරි කරගෙන මේ රට යහපත් දිශාවකට හැරවීම සඳහා ඉඩදීම තමයි කළයුතු වන්නේ. එසේ නොවේ නම් අනිවාර්යයෙන්ම විශ්වාභංගය ඉදිරිපත් වේවි, ඒ විශ්වාසභංගය දිනාවි මහජනයාගේ ලොකු තෙරපීමකුත් එක්ක, ඔහුට ඉවත් වෙන්න සිදුවේවි. එතනින් තමා මේ තත්වය කෙළවර වෙන්න නියමිතව තියෙන්නෙ”

ජයන්ත සමරවීර මහතා මේ බව පැවසුවේ අද (24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...