*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහවැලි ඇමතිකම දෙනවා නම් මමත් එන්නම් – චමල් ජනපතිට කියලා …

මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන්ටත් කැබිනට් මණ්ඩලයට එකතු වියහැකි බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පත්කර ඇතත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් හෝ තිබේද යන්න දැනටත් ප්‍රශ්නකාරී වී තිබේ. පසුගිය දිනක මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබුණු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණ සිට තිබුණේ 88 දෙනෙකු පමණි.

අමාත්‍ය ධුර අහිමි වූ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් සියල්ලන්ම පාහේ කළකිරීමෙන් පසුවන අතර ඔවුන් තීරණාත්මක මොහොතක කවර පැත්තක් ගනීවිද යන්න පැහැදිලි නැත. රාජපක්ෂ පවුලේ දේශපාලනඥයින් අතර පවා මේ වනවිට පවතින්නේ නොසන්සුන්තාවකි.

එවන් තත්වයක් මධ්‍යයේ චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් කිසිදු ප්‍රශ්නයකින් තොරව තමන්ටත් ආණ්ඩුවට එක්විය හැකි බවකි. තමන් මීට පෙර වාරිමාර්ග අමාත්‍ය ධුරය දරද්දී ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක්ම අවසන් කිරීමට නොහැකි වූ බැවින් තමන්ට ආපසු පැමිණ ඒ සියල්ල අවසන් කරදිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අතර මහවැලි අමාත්‍ය ධුරය සඳහා තවත් ඉල්ලුම්කරුවෙකු ද පසුගිය සතියේදීම ඉදිරිපත්ව තිබිණි. ඒ පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ය. තමන් තවත් කණ්ඩායමක් සමග පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමට එකතු නොවී සිටීමට නම් තමන්ට මහවැලි අමාත්‍ය ධුරය අවශ්‍ය බව ඒ මහතා පසුගිය සතියේදීම ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණු බව වාර්තා විය.

ඒ අනුව මහවැලි අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උභතෝකෝටිකයකට මුහුණ දී සිටියත් බොහෝදුරට එම තනතුර සිය පවුලේ සාමාජිකයා වන චමල් රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan