හෙල්මට් දාගෙන පයින් යන සැකකටයුතු අය ගැන පොලීසියට විශේෂ උපදේශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වේ.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...