ප්‍රෙස්ටියානිගේ විනය විරෝධී හැසිරීමට යූඑෆ්ඒ පැනවූ තරග තහනම

රෂිකා හෙන්නායක අප්‍රේල් 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වන ජියන්ලුකා ප්‍රෙස්ටියානි, රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ විනිසියස් ජූනියර්ට එරෙහිව සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට තරග හයක තහනමක් පැනවීමට UEFA ආයතනය තීරණය කර ඇත.

මුලින් ඔහුට එරෙහිව වර්ණභේදවාදී චෝදනා එල්ල වුවද, පසුව එය සමලිංගික විරෝධී ප්‍රකාශයක් ලෙස තහවුරු වී තිබේ.

මෙම සිදුවීම පසුගිය පෙබරවාරි මාසයේ පැවැති චැම්පියන්ස් ලීග් තරගයක් අතරතුර සිදුවූවකි.

දඬුවමෙන් කොටසක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, ඉතිරි කාලය සඳහා වසර දෙකක අත්හිටවූ තහනමක් ද ඇතුළත් වේ.

මෙම තහනම ජාත්‍යන්තර මට්ටමින් බලාත්මක කරන ලෙස UEFA ආයතනය FIFA වෙතින් ද ඉල්ලීමක් කර ඇත.

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පවතින වෙනස්කොට සැලකීම් සහ විනය විරෝධී හැසිරීම් මැඩලීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.