ආසියාව ජයගන්න යෞවනයෝ අද ලංකාවෙන් පිටව යති

Date:

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හී දී අප්‍රේල් 27 සිට අප්‍රේල් 30 දා දක්වා පැවත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යති.ඉකුත් තරගාවලියේ පදක්කම් දිනූ කසුනි නිර්මලී සහ සෙඳු අර්ථවිදු ද මෙම කණ්ඩායම නියෝජනය කිරිම කැපී පෙනෙන අතර සමස්ත ක්‍රීඩක කණ්ඩායමට ක්‍රීඩකයින් පස් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්ව ඇත.

මේ දිනවල උස්බෙකිස්තානයේ සෙල්සියස් අංශක 15 සිට 22 පමණ වන තෙක් උෂ්ණත්වයක් දැකිය හැකි අතර එය බොහෝ විට නුවරඑළිය සිට ගම්පොළ මහනුවර ආසන්නය වන තෙක් සාමාන්‍යයෙන් දැකිය හැකි උෂ්ණත්ව තත්ත්වය ය.මේ තරග සංචාරයට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් දෙදෙනා මෙන්ම පුහුණුකරු ද,කාන්තා කණ්ඩායම භාර නිලධාරිණිය ද ගම්පොළ වික්‍රමභාහු පාසල නියෝජනය කරන්නෝය.ඒ තත්ත්වය සැළකිල්ලට ගනිමින් ක්‍රීඩක කණ්ඩායම අවම තරමේ අවසන් කාල පරිච්ඡේදය ගම්පොළ හෝ නවතා තැබිමට හැකි වී නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දේශගුණික වශයෙන් සමාන අත්දැකිමක් සමඟ තරග කරන්නට ඉඩ ලැබෙන්නට තිබිණ.

නමුත් ලංකාවේ ක්‍රීඩා පරිපාලනය බොහෝ විට කොළඹ කේන්ද්‍රීයව තිබෙන අතර භෞතික පහසුකම් ද ඇත්තේ කොළඹ ය.මේ නිසා පරිපාලනයේ නිලධාරි පහසුකම ද භෞතික පහසුකම් ද සැළකිල්ලට ගෙන කොළඹ රඳවා තැබීම සාමාන්‍ය තත්ත්වයකි.
සම්පූර්ණ ක්‍රීඩක කණ්ඩායම පහත දැක්වේ.

ලෙසඳු අර්ථවිදු (උස පැනීම),නිලුපුල් පැහැසර තේනුජ (උස පැනීම),අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු),තුෂේන් මලින්දරත්න සිල්වා (රිටි පැනිම),ජාත්‍ය කිරුළු (මිටර් 400) කසුනි නිර්මලී වික්‍රමසිංහ (මීටර් 800),දුලංජනා ප්‍රදීපනී (මීටර් 1500)
සමස්ත තරග කාල සටහනට පහත සබැඳියෙන් පිවිස ශ්‍රී ලංකා ක්‍රීඩක කීඩිකාවන් තරග වදින වේලාව සහ දිනය දැන ගැනීමට හැකියාව ඇත.

https://en.uzathletics.uz/news/news_post/competition-schedule

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...