ATA සම්මත කරන්න එපා! “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නඟන හඬ” වෙතින් ආයාචනයක්

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුව තුළ සම්මත නොකරන මෙන් හා ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයට මුල් තැන දී කටයුතු කරන මෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නඟන හඬ සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව දශක 04 කට වැඩි කාලයක් මුළුල්ලේ අසීමිත ලෙස පීඩාවට පත්ව ඇති අතර, අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කොට මේ නව පනත් කෙටුම්පත සාධාරණ එකක් බවට පත් කිරීම සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු යුතුකමක් බව එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

බලය හොබවන දේශපාලඥයන් වශයෙන් සදාචාරාත්මක අවබෝධයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව නිවැරදි දේ කරන මෙන් සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින එම සංවිධානය, මෙය ආත්මාර්ථකාමීත්වය පරදවා මහජන අවශ්‍යතා, දේශපාලන අවංකත්වය සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ජයග්‍රහණය කරන එවැනි එක් මොහොතක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන ද වැඩිදුරටත් පවසා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...