ශ්‍රී ලංකාවට භූ කම්පන අනතුරක් අත ළඟද? (VIDEO)

Date:

කොළඹ LNW: අද අලුයම 12.45 හම්බන්තොට සිට ගිණිකොණ දෙසින් මුහුද ප්‍රදේශයේ 25.8km ක දුරින් රික්ටර් පරිමාණ 4.4 ක භූකම්පනයක් වාර්තා වී ඇති බවත් එමඟින් කිසිදු සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යාඥ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මෙම භූ කම්පනය බදුල්ල,හම්බන්තොට,මාවනැල්ල ඇතුළු ප්‍රදේශවලට තදින් දැනී තිබේ.

සුළු සුළු භූ කම්පන මේ දිනවල සිදුවෙමින් තිබෙන අතර අද අලුයම සිදුවූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමටද කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යව ඇති බවද ප්‍රනාන්දු මහතා කියා සිටියි.

භූ කම්පනයක් සිදු වූ පමණින් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවත් පැය 24 පුරාම නිරීක්ෂණය කරමින් පසුවන බවත් ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...