එලඹෙන 25 වනදා උතුරු නැගෙනහිර හර්තාල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසිකරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එලඹෙන 25 වනදා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කොට ඇති අතර , මේ සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 07 ක් එක්ව හර්තාලය වෙනුවෙන් සහය ලබාදෙන අතරම උතුරු නැගෙනහිර රදගුරුවරුන් ඇතුලු ආගමික නායකයින්ද මේ සඳහා සහය ලබාදීමට ඉදිරිපත් වී ඇත.

හර්තාලයයේ පධාන අරමුණ බවට දෙමළ ජාතික සන්ධානය වසින් පෙන්වා දෙන්නේ, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්කරන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු බවටත් දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු අතරම , උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, නැවත පදිංචි කිරීමේ ගැටලු ආදීය වෙනුවෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම මත වත්මන් රජය වහාම ඒ වෙනුවෙන් විසඳමක් ලබාදිය යුතු බවයි .

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උතුරු නැගෙනහිර ප්‍රවාහන සංගම් නියෝජිතයින්, වෙළඳ සංගම් නියෝජිතයින්ද සහය ලබාදෙනු ඇති බවට විශ්වාශය පලකරන අතරම උතුරු නැගෙනහිර ජනතාවගේ නිදහසේ ජීවිත්වීමේ අයිතිය වෙනුවෙන් රජයට මෙලෙසින් බලපෑමි සිදුකරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...