PHI දිලීප රොෂාන් ඝාතනය කර මාස දෙකයි, තවමත් හෝඩුවාවක් නෑ – විපක්ෂ නායක සජිත් විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

Date:

කරන්දෙනියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා පෙබරවාරි 26 වැනි දින කුරුදුගහ හැතැක්ම දිවිතුරු ගම නිවසේදී ඝාතනය කර ඇති බවත් පැය 24ක් හෝ 48ක් තුළ මේ සම්බන්ධ සුලමුල සොයා ගත යුතු වුවත් මේ වනතුරු කිසිදු හෝඩුවාවක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මොහු මේ රටේ ජනතාවට කුණු කෑම කවන්න කටයුතු කළ මහාපරිමාණ සමාගම් සමඟ විශාල සටනක නිරත වූ බවත් වෘත්තීය වෙනුවෙන් කැපවූ මේ පුද්ගලයාගේ ඝාතනය ගැන සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නත් ප්‍රතිඵලයක් නොමැති බවත් මෙම සමාගම් රටේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කරනවාද කියන සැකයක් ජනතාව තුළ පවතින බැවින් මේ සම්බන්ධ විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම අඩු ගාස්තුවක් ලබා ගෙන ගිලන් වූ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහතා ද 2011 සැප්තැම්බර් 29 වැනිදා ඝාතනය කළ බවත් රසායනාගාර ආයතන හිමිකරුවන් එවැනි දෙයක් සිදු කළ බවට සැක පවතින බවත් එම නිසා මේ ගැන සොයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...