සවාටි කික් බොක්සිං පුහුණුකරුවන්ට ජාත්‍යන්තර පුහුණුවක්

Date:

සවාටි කික් බොක්සිං ක්‍රීඩාවේ පුහුනුකරුවන්ට දැණුම ලබා දිම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රංශ සවාටි කික් බොක්සිං සංගමයේ ආරාධනයෙන් ලෝක සවාටි කොම්බැට් සූර රොබින් විකොමැට් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.මැයි මස 5 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන විකොමැට් මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පුහුනුකරුවන්ගේ මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේද ක්‍රීඩාව සම්බනධයෙන් වන දැණුම පුළුල් කිරිමට අවශ්‍යය වැඩ සටහන් ගණනාවක් මෙහෙයවනු ඇති බව සවාටි කික් බොක්සිං සම්මෙලනයේ ශ්‍රී ලංකා සභාපති ප්‍රසාද් විකමසිංහ පෙන්වා දෙයි.

විකොමැට් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු විසින් පවත්වන්නට යෙදෙන පුහුණු කඳවුරු ක්‍රීඩා අමාත්‍යංශයේදී,හම්බන්තොටදී,රතුනපුරදී සහ මහනුවරදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ අනුව මැයි 7 වන දින ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවත්වෙන පුහුණු කඳවුරෙන් පසුව මැයි 9 වන දා හම්බත්තොටදී පුහුණු කඳවුරක් පැවත්වීමට නියමිතය.එසේම මැයි 10 වන දින රත්නපුරයේ දී සහ මැයි 11 වන දින මහනුවරදීත් මේ ආකාරයේ පුහුණු වැඩ සටහන් පැවත්වීමට සංවිධානය කර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...