තියුණු උල් සහිත බැරියර් දැම්මේ උද්ඝෝෂකයින්ට හානි කරන්නේ නෙවෙයි නම් වෙන මොනවටද?

0
542

ඊයේ දින ගාලු මුවදොර ප්‍රදේශයට ඇතුල් වීම වළක්වමින් මාර්ග වසමින් ඒවාට ඉතා උල් සහිත මාර්ග බාධක ද යෙදුවේ උද්ඝෝෂකයින්ට හානි කිරීමේ අරමුණින් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වාදුන්නේය.

එය නීති විරෝධී ක්‍රියාවක් වන අතර කෙතරම් දුරට සාධාරණය කළ හැකිද යන ප්‍රශ්නය එහි තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”කොටුව පොලීසිය මඟින් ගෝල්ෆේස් ක්‍රීඩාංගණයට එහෙම නැත්නම් ඒ ප්‍රදේශයට ඇතුළත් වීම වළක්වමින් උසාවි නියෝග කිහිපයක් අරන් තිබුණා පාරවල් ටිකක් වහලා. අපිත් ගිහින් ඊයේ පරීක්ෂා කළා. හැබැයි ඒ පාරවල් වහල තිබුණේ සාමාන්‍ය බැරියර් දාලා නිවෙයි ඉතාම යකඩ උල් කියන බැරියර් දාලා තමයි ඒ පාරවල් වහල තිබුණේ. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කරන්න උල් තියෙන බැරියර් දාන එක සාධාරණද කියල. මම හිතන්නේ ඇත්තටම ඒක නීති විරෝධී ක්‍රියාවක්. පොලීසිය ආණ්ඩුව හිතාමතාම උද්ඝෝෂකයන්ට තුවාල සිදුකරන්න හානි සිදුකරන්න තමයි එවැනි බැරියර් පාවිච්චි කරලා තියෙන්නේ. මේකට නීතිඥ සංගමයේ අවධානය යොමුවෙලා තියෙනවා. මේක කතා කළ යුතුම දෙයක්. ආණ්ඩුව හිතාමතාම උද්ඝෝස්කයින්ට හානි කරන්න ඒ බැරියර් දාලා තියෙන්නේ. කොහොම නමුත් අපි දැක්කා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගියා අගමැතිතුමාගේ නිල නිවසට. අගමැතිතුමා කලින් කිව්වා දුවන්න එන්න කියල. අපිට මේකට මොනවත් කියන්න අමාරුයි මොකද එතුමාට දැන් අවුරුදු 75ත් පැනල. එහෙම පැනපු අගමැතිවරයෙක් කොහොමද මේ තරුණයෝ එක්ක දුවන්නේ කියන එක තාම ප්‍රශ්නයක්. මොකද අපි දැකල තියෙනවා එතුමා පාර්ලිමේන්තුවට එන විටත් දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලාගෙන තමයි එන්නේ. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එහෙම තත්ත්වයක් තියෙද්දිත් මෙවැනි කතාවල් කරලා තවත් මේ තරුණ ප්‍රජාවන් අවුස්සන්නේ ඇයි කියල නම් මම දන්නේ නැහැ.”

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here