දළදා වදින්න ආව 04 දෙනෙකු ජීවිතෙන්ම සමුගෙන ගිහින්!

Date:

රෂිකා හෙන්නායක

මේ වනවිට සිරි දළදා වන්දනාවට සහ එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ.

අවුරුදු 69,70,74 හා 80 යන වයස්වල පසුවූ සිව් දෙනෙකු එලෙස මියගොස් ඇති බව, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේය.

එම එක් අයෙකු ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන අතර, රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේ අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්ය නිලධාරිවරයා පියවර ගෙන ඇති බවයි.

විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගත වූ දින හතක කාලය තුළ දළදා වන්දනාවේ පැමිණි පුද්ගලයින් 300 ක පමණ පිරිසක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර ඇති බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. 
 

ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව සෞඛ්‍ය මධ්යස්ථාන 09 ක් ක්රියාත්මක අතර එවායින් පසුගිය දින කිහිපයේ දී 3000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද වාර්තා වේ.
 

මහනුවර දිස්ත්රික් ප්‍රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ සේනක තලගල මහතා පැවසුවේ. දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගි වන පුද්ගලයින් රෝහල් ගත කිරීම සඳහා රැගෙනයාමට සුවසැරිය ගිලන් රථ 07 ක් යොදවා තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...