*
Friday, March 29, 2024
spot_img

Latest Posts

එක්ස්ප්‍රස් පර්ල් නඩුව රට තුළ ඇසීමට ජාත්‍යන්තරය බාධාවක්ද?

X-Press Pearl රසායනික බහාලුම් සහිත නෞකාව 2021.05.19 දින ලංකාවට අයත් මුහුදු තීරයේ දී, ගිනි ගැනීමකට ලක් වන අතර එම නැව ගිනිබත් වීමෙන්, සමුද්‍ර පරිසරයට සහ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයට බරපතල ලෙස හානි සිදුවිය.

එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවීන් විශාල වශයෙන් මියගොස්, වෙරළ තීරයට ගොඩ ගැසූ අතර, දැවී ගිය රසායනික ද්‍රව්‍ය නිසා මුහුදු ජලයට හා සමුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන, කොරල් පර, වෙරළ තීරය පාරිසරික වශයෙන් විශාල හානියක් සිදු වූ අතරම කලපු වලට හා මුහුදු ජලයට ද සිදු වූ හානිය මේ යැයි තක්සේරු කිරීමට නොහැකි වුවද, ඒ සදහා ඩොලර් බිලියන 6.2 වන්දි මුදලක් ලබා ගැනීම සඳහා තක්සේරුවක් ඉදිරිපත් වී තිබේ. නැවක් ගිනිබත් වී සමුද්‍රයට සිදුවූ හානියට අදාළව නඩුව එම සිදුවීමේ සිට වසර දෙකක් ඇතුළත ගොනු කළ යුතු අතර 2023.05.19 වන විට එම වසර දෙක සම්පූර්ණ වේ. රටක් ලෙස සමුද්‍රයට සිදුවූ මෙම අපරාධයට නැව අයත් සමාගමට එරෙහිව වන්දි ඉල්ලා නඩු නොදමන්නේ ඇයි ද යන ප්‍රශ්නය අපට ඇත.

එම නැව අයත් සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය හිතාමතා පමා කරමින් සිටින අතරම විජයදාස රාජපක්ෂ මහතා විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් ද සිදුකර ඇත. ඒ රටට හිමිවීමට තිබෙන වන්දි මුදල් ලබා ගෙන ඒම සදහා වූ, අධිකරණ ක්‍රියාමාර්ග වලට යාම වැළැක්වීම උදෙසා නැව අයිති සමාගම විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රභල දේශපාලඥයෙකුට ඩොලර් මිලියන 250 ලබාදී ඇති බවයි.

එම ප්‍රකාශය අනුව නැව ගිනි ගැනීමෙන් සිදු වූ හනියට අදාළව වන්දි මුදල් ලබා ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාමාර්ගය ප්‍රමාදවීමට හේතුව අපට වඩාත් පැහැදිලිය. රටේ පරිසර සම්පත විනාශ වී ඇති නමුත් දැනට සිදුවී ඇති විනාශයට අදාල වන්දි මුදල ගැනීමට රජය මැදිහත් විය යුතු අතර, ඩොලර් මිලියන 250 ලබාගත් දේශපාලඥයා විජයදාස රාජපක්ෂ විසින් හෝ රජය විසින් ජනතාවට හෙළි කළ යුතුය.

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ ආඥා පනතට අනුව, ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුවන යම් හානියක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට හෝ සමාගම් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇති අතර, එම පනතෙ 50 වගන්ති අනුව නීතිපතිවරයාට හෝ නීතිපතිවරයා විසින් බලය පවරන ලද වෙනත් අයෙකුට හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ මෙම විනාශය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිංගප්පූරුවට යාම අනවශ්‍ය මෙන්ම අවාසිදායක කාර්යභාරයක් වන අතර, රජය විසින් එලෙස යාමට තීරණය කරන්නේ ඇයිද යන්න සැක උපදවන්නකි. මෙම සිද්දියට අදාළව යම් දේශපාලන පාර්ශ්වයක් විසින් මුදල් යටිමඩි ගසාගෙන, මෙම අධිකරණ ක්‍රියාමාර්ගය නිදැල්ලේ යාමට ඉඩහැර, රටට හිමිවිය යුතු වන්දි මුදල අහිමි කිරීමට සැරසෙන බවට මෙ අනුව අපට සැකයක් ඇත. එම නිසා තවත් බොහොම කෙටි කාලයක් තුළ අදාළ සමාගමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගය මෙරට තුළ දී ගත යුතු අතර, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාල තොරතුරු හා කරුණු රැස් කිරීම් කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සැළසිම සදහා අවශ්‍ය සියලු වාර්තා සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, වරාය හා නාවික අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් සැපයිය යුතුය.

එක්සත් ජාතීන්ගේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ එකඟතාවයට අනුව United Nations Convention on the Law of the Sea (UNCLOS) සියලුම රටවල් තම අයිති සාගර කලාප ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටී. ඒ අනුව සිංගප්පූරු රාජ්‍ය සහ මෙම සමුද්‍ර දූෂණයට මුල් වූ සමාගම මෙහි වගකීම භාරගත යුතු අතර, ශ්‍රී ලංකාවේ මුහුදු තීරය හා වෙරළ තීරය එසේ නොමැති නම් සමුද්‍ර පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කළ යුතුය.

International Maritime Organization (IMO) Conventions සංවිධානය ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධ විශේෂ සංවිධානයක් වන අතර, ඔවුන් විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීම උදෙසා විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. ශ්‍රී ලංකාවට සිදු වූ සමුද්‍ර දූෂණය සම්බන්ධව මෙම ආයතනයෙන් රටක් ලෙස අපට යම්කිසි මැදිහත් වීමක් ලබා ගත හැකි වේ. ඒ සඳහා රජය ඔවුන් දැනුවත් කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් උදව් ඉල්ලා සිටිය යුතුය.

ශ්‍රී ලංකාව ලෙස අප ජාත්‍යන්තර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ එකඟතාවය නොහොත් Convention on Biological Diversity (CBD) එකඟ වී ඇති අතර සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම උදෙසා සිදුවී ඇති හානිය සම්බන්ධව CBD මැදිහත් කරගත හැකිය. x press perl නෞකාව ගිනිගැනීම නිසා සමුද්‍ර පරිසරයට සිදු වූ හානිය සම්බන්ධව එම ආයතනය මැදිහත් කර ගනිමින්, යම් වාර්තාවක් ලබාගතහොත් අධිකරණ ක්‍රියාමාර්ග ජයග්‍රහණය කිරීම සඳහා එය ද වාසියක් වනු ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් x press perl ගිනි ගැනීම නිසා ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවූ හානියට යම්කිසි ආකාරයේ සාධාරණයක් ඉටුකර ගැනීමට අපට අවස්ථා ගණනාවක් ඇති අතර, යම් හෙයකින් එය මඟහැරී ගියහොත් එය එසේ සිදු වන්නේ ජාතික හෝ ජාත්‍යන්තර නීතියේ අඩුපාඩුවක් නිසා නොව, මේ සඳහා මැදිහත් වන දේශපාලඥයන් විසින් හා නිලධාරීන් විසින් මෙම සිද්ධිය යට ගසා පෞද්ගලිකව මුදල් ලබාගැනීම වැනි ක්‍රියාවක් හේතුවෙන් ය.

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan